ශ්‍රී ලංකා තරගාවලියෙන් තාහීර් විවේක ගන්වයි
- 18 06 2018
- 15:12
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් විවේක ගන්වා ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලිය ජුලි 29 දා ආරම්භවීමට නියමිතය.
තාහීර්ගෙන් පසුව දකුණු අප්‍රිකාවට සිටින හොඳම දඟ පන්දු යවන්නා කවුරුන්ද යන්න පිළිබඳව අවධානය යොමුකිරිමට තාහීර්ව තරගාවලියෙන් විවේක ගන්වා ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ආබාධයකට ලක්ව ඇති ක්‍රිස් මොරිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සළකා බලා නොමැත. දෙරට අතර පවැත්වෙන එකම විස්සයි තරගයටද නම් කළ එක්දින කණ්ඩායම අදාළ වෙයි.
එක්දින සංචිතය - ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ජුනියර් ඩලා, කුයින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, කේෂාව් මහරාජ්, ජේ.පී. දුමිනි, කේෂාව් මහරාජ්, ඇයිඩෙන් මර්ක්රම්, ඩේවිඩ් මිලර්, වියෑන් මල්ඩර්, එල්. එන්ගිඩි, ඇන්ඩිලේ පෙහ්ලුක්වායෝ, කාගිසෝ රබාඩා,ටබ්රායිස් ශම්සි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


