රණවිරුවන්ට ක්‍රිකට් තරග නැරඹීමට ප්‍රභූ පන්තියේ ආසන
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීම සඳහා පාසල් සිසු සිසුවියන්ට හා ආබාධිත රණවිරුන්ට විශේෂ පහසුකම් සැලසීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබුණි.
මින් පෙරද ගාල්ලේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගාස්තුවකින් තොරව නැරැඹීම සඳහා පාසල් ළමුන්ට අවස්ථාව සලසා දී තිබුණද, මෙවර විශේෂත්වය වූයේ ළමුන්ගෙන් ප්‍ර‘වේශපත්‍ර සඳහා ගාස්තු අයකර නොගැනීම පමණක් නොව පැමිණෙන සියලුම පාසල් ළමුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ ආහාර පානද නොමිලේම සැපැයීමයි.
මෙම විශේෂ වැඩසටහන යටතේ එක් පාසලකින් සිසු සිසුවියන් 50ක උපරිමයකට යටත්ව ටෙස්ට් තරගය පැවැත්වෙන සියලුම දිනයන්හිදී ක්‍රීඩාංගණයට ගෙන්වීමට සැලසුම් කර තිබූ අතර, මේ සඳහා ගාල්ල නගරයේ පාසල්වලට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත පිටිසර දුෂ්කර පාසල්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණුකොළපැලැස්ස වැනි දුෂ්කර මට්ටමේ පාසැල්වලටද අවස්ථාව සලසාදී තිබීමද විශේෂත්වයකි.
සියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුන්ට අවස්ථාව සලසා දෙන අතර, රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර තිබේ.


-
NANDANA Tuesday, 17 July 2018 01:28 PM
සිර.ගූඩ් ඩේආ,THANKS
Reply : 0 0
Champa Tuesday, 17 July 2018 04:36 PM
2015 ආපු ගමන් හමුදාව පාවා දීපු ආණ්ඩුව, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ඔත්තු සේවා නිලධාරීන්, පොලිස් නිලධාරින් සිය ගානක් හිරේ දාපු ආණ්ඩුව, තාමත් හිරේ ඉන්නවා, දැන් තමයි අබාධිත සෙබළු ප්‍රභූ පන්තියටත් සුදුසු කියලා මතක් වෙලා තියෙන්නේ. චන්දයක් එන හින්ද. මේ පැත්තට විතරක් නෙමෙයි අනිත් පැත්තටත් මතක් වෙලා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එල්ලුම් ගහ ගෙන්න හදන ආණ්ඩුව ජීවිතේ පරදුවට තියල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ව අල්ලපු රංගජීවව හිරේ දාල ඇපවත් දෙන්නේ නැතුව. ත්‍රස්තවාදීන්ව සාක්කි නැහැ කියලා දිගට හරහට නිදහස් කරපු ආණ්ඩුවට බැරිවුනා රංගජීවටයි අනිත් හමුදා නිලධාරීන්ටයි ඇප දෙන්න. චන්දෙ ලං වෙනකොට මතක් වෙයි. ඊයේ ඉපදුන දරුවෙක් මිසක් මේ රටේ කිසි කෙනෙක් අමතක කරන්නේ නැහැ ආණ්ඩුවේ ද්‍රෝහිකම්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

