මාලිංග කණ්ඩායමට - පළමු පන්දුවාරයේදීම කඩුලු දෙකක්
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන බංග්ලාදේශය පන්දුවාර 5 ක් අවසානයේදී ලකුණු 10ක් රැස්කරගෙන ඇත්තේ කඩුලු දෙකක් වැය කරමිනි.
වර්ෂයකට පමණ පසුව නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනිමට සමත්වූ මාලිංග පළමු පන්දුවාරය යොමුකරමින් එහිදී බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු දෙක දවා ගැනීමට සමත්විය. පන්දුවාර තුනක් යොමුකළ මාලිංග ලකුණු 4කට කඩුලු දෙකක් දවා ගත්තේ නිලකුණු පන්දුවාරයක්ද සමගිනි.
මිට අමතරව තමීම් ඉක්බාල්ද ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය.
popular news
-
Champa Saturday, 15 September 2018 10:13 PM
එල එල මාලිංග !!!
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

