මහරාජ්ගෙන් වාර්තා ගත පන්දු යැවීමක්
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 277ක් රැස්කරගෙන සිටියි.
ශ්රී ලංකාවේ බිඳ වැටුණු කඩුලු 9න් 8ක්ම දඟ පන්දු යවන ක්රීඩක කේෂාව් මහරාජ් දවාගැනීමට සමත්විය. එය වාර්තා කිහිපයකට හිමිකම් කියූ පන්දු යැවීමකි.
01 ශ්රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.
02 පසුගිය වසර 10 තුළ දඟ පන්දු යවන්නෙකුගේ සාර්ථකම දෙවැනි පන්දු යැවීම.
03 දකුණු අප්රිකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ ඉනිමක තෙවැනි හොඳම පන්දු යැවීම.
04 1996 වසරෙන් පසුව දකුණු අප්රිකානු දඟ පන්දු යවන්නෙකු කඩුලු 6ට වැඩියෙන් දවා ගත් පළමු අවස්ථාව.
05 ශ්රී ලංකාවට එරෙහිව ඉනිමකදී කඩුලු 8ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා. යන වාර්තා මෙම පන්දු යැවීම හරහා බිහිවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

