සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
දිනය අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 93ත් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටියේය.
කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 37ක් සහ නායක ධනන්ජය ද සිල්වා නොදැවී ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැදී සිටි.
ශ්රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වුණු පැතුම් නිස්සංක ලකුණු 187(256) ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක්(119) රැස් කළේය.
සිය අවසන් ටෙස්ට් තරගය ක්රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් පන්දු 69දී ලකුණු 39ක් රැස් කළේය.
පන්දු යැවීමේදී හසන් මහ්මුද්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන් සහ මොමිනුල් හක් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවේය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 495ක් රැක් කළ අතර, ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 127ක් පිටපුසින් පසුවන්නේය.