සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයාගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 128ක් පමණි. ජනිත් ලියනගේ පන්දු 31කදි ලකුණු 40ක් රැස් කළ අතර වෙනත් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 40 සීමාව ඉක්මවා යාමට නොහැකි විය.
ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 16.4කදී කඩුලු 4ක් දැවී ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු ෆර්හාන් ලකුණු 51ක් රැස් කිරීමට සමත්විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ වීරයා ලෙස පාකිස්තානයේ ෂාඩබ් ඛාන් සම්මාන ලැබීය.
