සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහීව පැවති පළමු විස්සයි 20 ක්රිකට් තරගයෙන් කඩුලු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
මෙහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේය.