පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉතාලි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර ඉන්දියාවේ වන්කඩේ ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉතාලි කණ්ඩායම කඩුුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි. එහිදී ශ්රී ලංකා සම්භවයක් ඇති ක්රිෂාන් කලුගමගේ පන්දුවාර 4කදී ලකුණු 18ට කඩුලු තුනක් දවා ගත්තේය.
ලකුණු 124ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ඉතාලි කණ්ඩායම පන්දුවාර 12.4කදී කිසිවෙක් නොදැවි එම ඉලක්කය පසුකර ගියේය.තරගයේ වීරයා සම්මාන ක්රිෂාන් කලුගමගේට හිමිවිය.

