දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (01දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 4ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු කඩුල්ට අගනා සබඳතාවක් එක් කළ ක්වන්ටන් ඩි කොක් පන්දු 78කදී ලකුණු 87ක් සහ හෂිම් අම්ලා පන්දු 43කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වූහ. ඩු ප්ලෙසි පන්දු 41කදී ලකුණු 49ක් රැස් කළේය.
පන්දු යැවීමේදී අකිල ධනංජය කුඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර සුරංග ලක්මාල්, කසුන් රාජිත සහ තිසර පෙරේරා කඩුල්ල බැගින් දවාළූහ.
දෙරට අතර තෙවැනි එක්දින තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී එළෙඹෙන ඉරිදා (05දා) පැවැත්වීමට නියමිතය.


ඡායාරූප - ශාන්ත රත්නායක
popular news
-
Sarath Thursday, 02 August 2018 12:04 PM
Please allow Herath to play in one day matches too.He will show his performance in one day games.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

