තිලකාගේ කාලය දිගු කරයි
ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා ඇය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.
මේ වසරේ 12/31 දායින් ඇයගේ ධුර කාලය අවසන්විමට නියමිතව තිබුණි. ධුර කාලය දිගු කිරීමත් සමග ඇයට ලබන වසරේදී ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීමද තිලකාට හිමිව තබේ. එම තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේදි එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

popular news
-
Nimal Monday, 17 September 2018 02:18 PM
ඔබ තුමියට අපගේ සුබපැතුම් !
Reply : 0 0
Champa Monday, 17 September 2018 06:04 PM
බොහොම හොඳ තීරණයක්. ඔබ ගැන හුඟක් ආඩම්බරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

