ජෝ රූට් නැවතත් අංක එකට - කමිඳු, නිස්සංක, ධනංජය ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට
- 16 07 2025
- 16:53
- {{hitsCtrl.values.hits}} views
- ..
අයි.සී.සී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පැමිණීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව තිබේ.
එමෙන්ම නවසීලන්තයේ කේන් විලියම්සන් දෙවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත.
මේ අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණ ඇත.
ඒ අනුව කමිඳු මෙන්ඩිස් 07 වැනි ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණ ඇති අතර, පැතුම් නිස්සංක 18 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත.
නායක ධනංජය ද සිල්වා ද එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම් හී 25 වැනි ස්ථානයේ පසුවන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
