චන්දිමාල් හතුරු හා අසංක වැරදි පිළිගනිති
ක්රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොවන අන්දමේ වරදක් සිදුකිරිම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ වැරදිකරුවන් බවට පිළිගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් පනවන දඬුවම් පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණ කොමසාරිස් ලෙස මයිකල් බෙලෝෆ් පත්කර තිබේ.
දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල කිරීම හේතුවෙන් තෙවැනි දිනයේදී පැය දෙකක කාලයක් පිටියට නොපැමිණ විරෝධතා දැක්වීමට ඔවුන් කටයුතු කර තිබුණි.
එසේම දිනේෂ් චන්දිමාල්ට එරෙහිව එල්ල වී ඇති පන්දුව පළුඳු කිරිම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්රී ලංකාව ගොනු කළ ඇපෑලද අද (22දා) විභාගයට ගැනීමට නියමිතය.

-
ගාමිණී Friday, 22 June 2018 02:19 PM
වැඩේ වැරදියි තමයි. මොන ගැටලු තිබුණත් ග්රවුන්ඩ් එකට ඇවිත් සෙල්ලම් කරන්න තිබුණා. එහෙම වුණානම් තරගය දිනන්නත් තිබුණා.
Reply : 0 0
deeptha Friday, 22 June 2018 02:20 PM
ඒ වීඩියෝව නැවත බලන්න චන්දිමාල් බෝලය පලුදු කරනවා නොවෙයි. ඕනෑම ක්රීඩකයෙක් බෝලය එලෙස පිරිමදිනවා
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

