චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ ටෙස්ට් තරගාවලියට නෑ
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (12දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භවන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවිමට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය හා එකඟ වී තිබේ.
ඒ අයි.සී.සී.ය හා පැවැති විනය පරීක්ෂණයේ වරද පිළිගැනීම හේතුවෙනි. නොබෝදා නිමාවූ ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වූ අතර එයට විරෝධය දක්වමින් ඔවුන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම විනය පරික්ෂණය පැවැත්විණ. ඒ අනුව ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොවන ආකාරයට ක්‍රීඩා කිරීම යන අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය කඩකළ බවට චන්දිමාල්ට, හතුරුසිංහට හා ගුරුසිංහට චෝදනා එල්ල කෙරණි.
ඊයේ (11දා) පස්වරු 6 සිට පැය පහක පමණ කාලයක් මෙම පරීක්ෂණය පැවැති අතර එහිදී ඔවුන් තිදෙනාම වරද පිළිගෙන ඇති අතර ඒ අනුව අවම වශයෙන් ඔවුන්ට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවෙනු ඇත.
අයි.සී.සී.ය මෙම දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

popular news
-
Champa Thursday, 12 July 2018 08:44 AM
ලැජ්ජයි වගේද නිකම්? නාහ්, පිස්සුද නේද? Manager, Coach and the Team Captain were banned from playing 2 test matches!!!!! මේවගේ ඒවටද hat trick කියන්නේ? මටත් මතක නැහැ. දැන් මේ තුන් දෙන කොහොමද පොඩිවුන්ට හරි පාර කියලා දෙන්නේ? Team එකට විනයගරුක වෙන්න කියල දෙන්නේ? දැන් ක්‍රිකට් ගහන්නේ කකුළුවොද? ඉස්සර නම් ක්‍රිකට් ගැහැව්වේ සිංහයෝ.
Reply : 0 2
Champa Thursday, 12 July 2018 05:49 PM
මහත්වරුන්ගේ කියල කියපු ක්‍රිකට් ක්‍රීඩාව අද කැනහිලුන්ගේ ක්‍රීඩාව ගානට වැටිලා. ක්‍රීඩාව කියන්නේ විනය, ශික්ෂණය, අවංකකම, හැදියාව, විනීතකම, මහත්මාගතිය, නිහතමානිකම, ගෞරවනීය හැසිරීම, ඒ ඔක්කොටම වඩා ඉවසීම, මේ ඔක්කොම පෙන්වන තැන. ඒ වගේ ගුණාංග ක්‍රීඩකයන් තුල ඇති කරන තැන. ඉස්සර අර්ජුනලා අරවින්දලා out වුනහම වින්ශ්චයකාරයා කියනකම් ඉන්නේ නැතුව ඔලුව කෙලින් තියාගෙන තමන්ම අයින් වෙලා ක්රීඩාගාරේට ගියා. තරඟයට මොන තරම් පාඩුවක් වුනත් ප්‍රේක්ෂකයෝ ඒ අවංකකම, නිහතමානිකම, මහත්මාගතිය ඔස්වරසන් දීල අගය කළා. සුද්දොත් අගය කළා. ප්‍රතිවිරුද්ධ පිලත් අගය කළා. Commentators ලා පුන පුනා ඒ ගැන කිව්වා. ඒ ගුණය ලංකාවට ආවේනික ගුණයක්. අපිව අනිත් රටවල් වලින් වෙනස් වෙලා පෙන්නුව අපේම විදියක්. අපේ ක්‍රිකටුත් දැන් යහපාලන ආණ්ඩුව වගේ. බාල්දු වෙලා. මස්තබාල්දු වෙලා. G.L. කිව්වා වගේ යන්නේ රුයිතෙට. (ඇත්තටම මේ වචනේ G.L. කියලා තිබුන යහපාලන ආණ්ඩුව ගැන.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

