චන්දිට හතුරුට හා ගුරාට එක්දින තරග 4කුත් තහනම්
ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් ක්‍රීඩා නොකිරීමෙ චෝදනා යටතේ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 4ක තහනමක්ද පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
කොදෙව් කණ්ඩායම හා පසුගියදා ශාන්ත ලුසියා හි පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකක් පමණ පිටියට නොපැමිණ සිය විරෝධය දැක්වීය.
මේ පිළිබඳව පසුගිය 11 දා විභාග කිරීම් පැවැති අතර එහිදී චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ වරද පිළිගනිමින් දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන බව දැනුම් දුන්නේය.
ඒ අනුව ඔවුන් තිදෙනා දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරග 5න් පළමු එක්දින තරග හතරට ක්‍රීඩා නොකරනු ඇත.
මීට අමතරව ඔවුන්ට සෘණාත්මක ලකුණු 6 බැගින්ද ලබාදීමට කටයුතු කර තිබේ.

-
MahelaJ Monday, 16 July 2018 06:04 PM
protesting should not had done by SLC team! however there were clear procedural errors in this incident from ICC officials (specially from Srinath as match referee); such errors could have easily challenged if SLC consult a reputed barrister rather local illicit consultation! Feel pathetic SLC
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

