ගාල්ලට සිදුවෙන්න යන දේ ගැන කනගාටු වෙනවා - හේරත්
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත්, එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හේරත් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (20දා) ආරම්භ වන දෙවැනි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අද (19දා) පැවති මාධ්‍ය හමුවේදී රංගන හේරත් මේ බව පවසා සිටියේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ගැන තමන්ගේ අදහස් කුමක් දැයි රංගනගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් රංගන මේ බව පවසා සිටියේය.
“ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මේ ගැන දැනගන්න ලැබුණාම මම ගොඩක් කනස්සල්ලට පත් වුණා. මම පෞද්ගලිකව කනගාටුවෙනවා ගාලු ක්‍රීඩාංගණයට ඒ වගේ අවස්ථාවක් උදා වුණොත්. ගාලු ක්‍රීඩාංගණයේ කඩුලු සීයක් දවාගන්න මට තව තියෙන්නෙත් එක් කඩුල්ලයි.“
හෙට ආරම්භ වන තරගය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රංගන,
“පළමු තරගය ජයග්‍රහණ කළ නිසා කණ්ඩායමේ මානසිකත්වය ගොඩක් හොඳයි. ඒ මානසිකත්වය තමයි අපිට ගොඩක් වැදගත් වන්නේ. කණ්ඩායමේ සෑම ක්රීඩකයෙකුම ලැබූ ජයග්‍රහණයට එකතු වුණා. විශේෂයෙන් දිමුත් කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල් වගේම අනෙක් ක්‍රීඩකයොත් සෑම අතකින්ම එකතු වුණා. ඒ නිසා මම හිතනවා ජයග්‍රාහී මානසිකත්වය මේ තරගයට උදව් වේවි කියලා.
හෙට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තවම තීරණය කර නැහැ. අද හවස තමයි ගොඩක් දුරට කණ්ඩාය ගැන තීරණයක් ගන්නේ. කෙසේ නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරන එක ගොඩක් වැදගත්. විශේෂයෙන් අපේ රටේදී තරගාවලියක් ජයග්‍රහණය කරන එක. ඒ වගේම ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක්. මේ සියල්ල නිසා මේ තරගයත් ජයග්‍රහණය කර, තරගාවලිය ජයගැනීමට අපට වැදගත්“ යැයි පැවසීය.

popular news
-
Champa Thursday, 19 July 2018 03:45 PM
කණගාටු වෙලා විතරක් නම් හරි යන්නේ නැහැ. ගාලු ක්‍රීඩාංගනයේ සෙල්ලම් කරපු හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ඉස්සරහට එන්න ඕනේ මේ ක්‍රීඩාංගනය බේරගන්න. මට හරියට මතක නැහැ සුනාමියෙන් පස්සේ මුරලිගේ ඉල්ලීමකට ෂේන් වෝන් ගාල්ලට ආව නේද සුනාමියෙන් විනාශ වුනු ගාලු නගරෙට උදව් කරන්න. 2007 කියපු දෙයක් අල්ලාගෙන මේ කඩිමුඩියේ මේ කරන්නේ මොකක්ද කියලා ඕනේ කෙනෙකුට තේරෙනව. අපේ මිනිස්සු හුඟක් වෙලාවට හරිම පසුගාමියි තමන්ගේ දේවල් රැකගන්න ඉදිරිපත් වෙන්න.
Reply : 0 0
rocky Thursday, 19 July 2018 08:00 PM
කවුද ඔබට එහෙම කතාවක් කීවේ? ඒ ගැන සොයා බැලුවද? නිකං දේශ පාලන අවස්ථාවාදීන්ගේ අතකොළුවක් වෙලා පීචන් වෙන්නේ ඇයි?ක්‍රීඩාංගනය කවුරුවත් ගලවගන යන්නේ නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
