බ.ඉ.කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහරාත්මක පිතිකරු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කර ඇත. ඒ සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාවේදී පැවැත්වෙන තරග දෙකෙන් අනතුරුවයි.
එළඹෙන 2026 ක්‍රිකට් ලෝක කුසලානයට මාස හතක් පමණ කෙටි කාලයක් තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.
37 හැවිරිදි රසල් කොදෙව්වන් වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කට සහභාගි වී ඇත. 2012 හා 2016 වර්ෂයන්හිදී විස්සයි20 ලෝක ශූරයන් බවට පත් වූ කොදෙව් කණ්ඩායම් දෙකම නියෝජනය කිරීමට තරම් වාසනාවන්ත වූ රසල් කණ්ඩායමේ දැනට සිටින අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා ද වෙයි.
කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ පිතිකරුවකු වූ නිකලස් පූරාන් අකාලයේ සිය් ජාත්‍යන්තර දිවියට සමු දීමෙන් මාස දෙකකටත් අඩු කාලයකදී රසල් මෙලෙස සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.රසල් එක්දින තරග 56 කට හා එක් ටෙස්ට් තරඟයකටද ක්‍රීඩා කර ඇත. රසල් ක්‍රිකට් පිටියේ ඉතා ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින්ද ප්රකටය
