සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද(16දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.
ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට එක් කරගෙන තිබේ.