එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.
කණ්ඩායම් 12 ක් සහභාගිවන තරගාවලියට කණ්ඩායම් 8 ක් මේ වනවිට කෙලින්ම සුදුසුකම් ලබා ඇති අතර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මගින් තවත් කණ්ඩායම් 4 ක් තෝරාගනු ලබයි.
මෙහීදී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර ඊට ප්‍රභල ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්ථානය හා සුදුසුකම් ලබාගැනීමේ කණ්ඩායම් දෙකක් තරග වැදීමට නියමිතය.
පළමු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මූලික වටයේ දෙවැනි තරගයට ජූනි 16 වැනිදා සහභාගිවීමට නියමිතව ඇත්තේ වත්මන් ශූර නවසීලනත්ය සමගිනි. ඒ් හැම්ෂයර් බෝල් හිදීය.
අනතුරුව ශ්‍රි ලංකාව ජූනි 21 වැනිදා බ.ඉ.කොදෙව් කණ්ඩායම සමගිනුත්, ජූනි 23 හා 26 වැනිදා සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් පැමිණෙන කණ්ඩායම සමගිනුත් තරග වැදීමට නියමිතය.
තරගාවලියේ අවසන් පූර්ව තරග ජූනි 30 වැනිදා හා ජූලි 02 වැනිදා ඔ්වල් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය අවසන් මහා තරගය ජූනි 05 වැනිදා ඓතිහාසික ලෝඩ්ස් පිිටියේදීත් පැවැත්වීමට නියමිත.