ක්‍රීඩකයෙක්ගේ මාසික ආදායම කෝටියයි
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රභල ක්‍රීඩකයෙක්ගේ මාසික ආදායම රුපියල් කෝටිය ඉක්මවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුයේ පිළිමතලාව ධිරානන්ද මහා විද්‍යාලයේ ඊයේ (13දා) පැවැති උත්සවයකට ඒකවෙමනි.
“අපේ රටෙත් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයෙක්ගෙ මාසික ආදයම ලක්ෂ 100 ට වැඩියි.ඒ නිසා ක්‍රීඩාවෙන් නිරෝගි දරුවෙක් බිහිවෙනව වගේම ක්‍රීඩාවෙන් එහාට ගොඩාක් දේ කරන්න පුලුවන් බවද මන්ත්‍රිවරයා කිය.
මම අමාත්‍යවරයා වෙලා ඉන්න කාලෙ ලෝක 20 20 ක්‍රීඩා තරගාවලිය දින්න, ආසියානු තරගාවලිය දින්න,ලෝක කුසලානෙ අර්ධ අවසාන වටයට ගියා. ඒ දවස්වල සමහරු කිවුව මහින්ද රාජපක්ෂ මහත්තය ක්‍රිකට් මැච් බලන්න එද්දි ක්‍රිකට් තරග පරදිනව කියල. අපේ ක්‍රිකට් කණ්ඩායම ශේණි ගත කිරිමෙ කොතනද දැං ඉන්නෙ. මේ වගේ තරග පරාජයන් ඉතිහාසෙ කොහෙවත් දැකලා නෑ.”
චමිල් රූපසිංහ

-
Sandun Gunarathne Sunday, 15 July 2018 08:28 AM
දේශපාලන වාසියට ගොං කතා කියන්න එපා මහත්තයො. එදා Team එකේ players ලයි අද Team එකේ players ලයි අහසයි පොලවයි වගේ. උඹලා 2011 team එකට කරපු දේ අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ. උඹ සංගා ගෙ MCC lecture එක අල්ලන් කරන්න හදපු දේ මිනිසුන්ට මතකයි. එදා මහින්ද මහත්තයා උඹට ටොකු ඇනලා නැවැත්තුවෙ නැත්නම් , උඹ කරන්න ගිය විනාසෙ හිතාගන්නවත් බෑ. ඒ නිසා දෙවියන්ගේ නාමෙට කට පියාගෙන ඉන්න. එදත් මහින්ද මහත්තයා විනාස කරා, අදත් කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

