ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී බුකිකරුවන්ගේ ආදායම සොයන්න
ශ්‍රී ලංකා කණ්ඩායම අවිනිශ්චිත සහ මතභේදාත්මක ලෙස පරාජය වන ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවල මෙරට බුකි සහ ඔට්ටු සමාගම්වල ආදායම සොයා බැලීමට පුළුල් විමර්ශනයක් කරන ලෙසට තමා මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එහි ලිඛිත ඉල්ලීම ඉදිරියේදී සිදු කරන බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ උඩුගම්පොළ බලබෝව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ඊයේ (27දා) පැවැති 'ගමේ පන්සල ගමට සවියක්' ප්‍රජා සත්කාරක වැඩසටහනෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එවැනි පියවර නොගැනීමෙන් ක්‍රිකට් අර්බුදය තව දුරටත් ව්‍යාකූල විය හැකි බවයි.
“අපි ක්‍රීඩා කරන කාලේ ක්‍රිකට් ඔට්ටු කියන එක ලංකාවේ තිබුණෙ නැහැ. නමුත් සූදු ව්‍යාපාරිකයෝ ක්‍රිකට් පරිපාලනයට ඇවිල්ලා දැන් විශාල වශයෙන්ද සූදු පුවත්පත් දක්නට ලැබෙනවා. තරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.
ක්රිකට්ක් ක්‍රීඩාවේදී ඕනෑම වේලාවක පරදින්න පුළුවන්. නමුත් අපේ කණ්ඩායම ඇතැම් කණ්ඩායම් හමුවේ පරාජය වෙන පරාජයන් ගැන නැවත නැතවත් සිතන්න සිදුවෙලා තියෙනවා. විශේශයෙන්වි අපි සිම්බාබ්වේ වගේ තරගයක් පරදින්න තියෙන අවස්ථාව අඩුයි. අපි සිම්බාබ්වෙට පැරදුනා. බංග්ලාදේශයට පැරඳුන විදිය හොඳ නෑ. එම පරාජයන් ගැන සොයනවා වගේම පැරඳුණ තරග ආශ්‍රිතව සූදු හා ඔටටු සමාගම් කොතරම් ලාභයක් ලැබුවද යන්නත් අපි විමර්ශනයක් කළ යුතුයි"

-
Ruwan Thursday, 28 June 2018 08:20 AM
අර්ජුන, පරදින විට පමණක් නොව දිනනකොටත් හොයලා බලන්න. සුදුව ප්‍රශ්නයක් නම් මුලින්ම 5% ක් පමණක් තෑගි දෙන ලොතරැයි මණ්ඩල දෙකත් වහල දමන්න කැබිනට් එකට යෝජනාවක් ගෙන්නකෝ බලන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

