ආසියානු කුසලානය අරඹමින් ලංකාව පළමු තරගයටම
ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.
තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම (එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව, හොංකොං යන රටවල් අතරින්) තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.
ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය හා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායමත්, බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශ හා ඇෆ්ගනිස්තානයත් ක්‍රීඩා කිරීමට නියමිතය.
කාණ්ඩ දෙකේ පෙරමුණ ලබාගන්නා කණ්ඩායම් හතර සුපිරි සිව්දෙනාගේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතය. අවසන් මහ තරගය සැප්තැම්බර් 28 දා පැවැත්වීමට නියමිතය.
ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ඉන්දීය කණ්ඩායමයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
