අපිට පීඩනය හසුරුවා ගැනීමට බැරිවුණා
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැති තරගය පරාජයවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ කණ්ඩායමට පීඩනය හැසිරවීමට නොහැකි වූ බවයි.
අවස්ථා දෙකකදීම ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට නොහැකි වීම දරුණු සංවේගයක් මෙන්ම කනගාටුවක් බවත් ඔහු පවසයි.
ඇෆගනිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසුව ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමටද සිදුවිය. ශ්‍රී ලංකාව බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරග දෙකම පරාජයට පත්විය.
“ කණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .
අපි හොඳ ආරම්භයක් ලබා ගත්තා. නමුත් මැද පන්දුවාරවලදී එය අහිමිවුණා. පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. අවසන් තරගයට වඩා පන්දු රැකීමෙන් වර්ධනයක් තිබුණා. අපිව පහතට දැම්මේ පිතිකරණ අංශයයි. දකුණු අප්‍රිකා තරගාවලියේ අවසානයේදී අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළා. අපිට පීඩනය හසුරුවා ගැනීමට නොහැකිවුණා. ”

popular news
-
Champa Tuesday, 18 September 2018 09:58 PM
මල කෝලම්. පීඩනය දරා ගන්න බැරි වුනාලු. මේ රටේ ලක්ෂ සංඛ්‍යත මිනිස්සු දිනපතා මොන තරම් පීඩනයක් දරා ගෙන ජීවත් වෙනවද? මේගොල්ලන්ට මේක දරා ගන්න බැරි පීඩනයක්ලු. මේක හරියට මේ කවදාවත් වෙන කවුරුවත් ගහල නැති ක්‍රීඩාවක් වගේ කතා කරන්නේ. ඉස්සෙල්ල කිව්වේ depression කියලා නේද? ලෙඩ්ඩු නැතුව නිරෝගී ක්‍රීඩකයන් යවන එකයි තියෙන්නේ මීට පස්සේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

