(VIDEO) ක්‍රිස් ලීන්ගේ සුපිරි උඩපන්දුව හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (24දා) රාත්‍රියේ සමත්විය.
ලකුණු 151 ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹාගිය බැංගලෝර් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 09 ක් අවශ්‍යව තිබිණි.
19 වැනි පන්දුවාරයේ සිවුවැනි පන්දුවේදී ඒ.බී. ඩිවිලියස් එල්ලකළ දැවැන්ත පහර උඩපන්දුවක් බවට පත්කරගැනීමට ක්‍රිස් ලීන් සමත්වූ හෙයින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 02 ක තියුණු ජයක් හිමිවිය.
යම් හෙයකින් ක්‍රිස් ලීන්ට ඩිවිලියස්ගේ පහර වැළැක්වීමට නොහැකිවූවා නම් නිසැකයෙන්ම එය හයේ පහරක් බවට පත්වීමට අවස්ථාවක් තිබිණි.
මුලින්ම පන්දුවට පහරදුන් කල්කටා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 150 ක් රැස්කළේය. අතිවිශිෂ්ට පන්දු රැකීමත්, කල්කටා ඉනිම ගොඩගත් සුපිරි ඉනිම හේතුවෙන් ක්‍රිස් ලීන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
කල්කටා 150/7 (පන්දුවාර 20)
ක්‍රිස් ලීන් 45 (පන්දු 31, 4x3, 6x3)
ජැක් කාලිස් 43 (පන්දු 42, 4x2, 6x1)
වරුන් ආරොන් 3/16 (පන්දුවාර 4)
මිචෙල් ස්ටාක් 2/33 (පන්දුවාර 4)
බැංගලෝර් 148/5 (පන්දුවාර 20)
විරාට් කෝලි 31 (පන්දු 23, 4x4)
යුවරාජ් සිං 31(පන්දු 34, 4x2, 6x1)
විනේ කුමාර් 2/26 (පන්දුවාර 4)