එළඹෙන වසරේ ජනවාරි මස 03 වැනිදා පැවැත්වීමට නියමිත ශ්රී ලංකා ක්රිකට් නිලවරණයේදී සිය ක්රීඩා සමාජයේ ඡන්දය භාවිත කරනුයේ කුමන පාර්ශ්වයකටද යන්න තීරණය කිරීමට එස්.එස්.සී. ක්රීඩා සමාජයේ විධායක කමිටුව ඊයේ (21දා) සවස රැස්විය.
මෙහිදී සභාපති අපේක්ෂකයන් අතුරින් තිලංග සුමතිපාල මහතාට තම ක්රීඩා සමාජයට හිමි ඡන්ද දෙක ලබාදීමට එස්.එස්.සී. විධායක කමිටුව තීරණය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ලේකම් තනතුර සඳහා මොහාන් ද සිල්වා මහතාට ඡන්ද 2 ක් ලබාදීමටත්, උපසභාපතිවරුන් ලෙස ජයන්ත ධර්මදාස මහතාට හා අර්ජුන රණතුංග මහතාට ඡන්දය බැගින් ලබාදීමටත්, භාණ්ඩාගාරික ලෙස ඊස්ට්මන් නාරංගොඩ මහතාට ඡන්දය ලබාදීමටත් තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
කෙසේ වෙතත් රණතුංග පවුලේ අර්ජුන, සංජීව හා ධම්මික යන සාමාජිකයන් තිදෙනා එස්.එස්.සී. ක්රීඩා සමාජයේ ක්රීඩා කළද, මෙවර නිලවරණයේදී නිශාන්ත රණතුංග මහතාට ඡන්දය නොලැබීම සුවිශේෂීත්වයක් උසුලයි.