5.35 P.M ලකුණු 305ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 229ට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත්වූහ. ඒ අනුව පළමු තරගයෙන් ලකුණු 75ක ජයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු පහ ලකුණු 13ක් තුළදී දැවී ගියේය.
නුවන් කුලසේකර (01), සචිත්ර සේනානයක (06), අජන්ත මෙන්ඩිස් (0) අවසන් කඩුලු තුන ලෙස පිටියෙන් ඉවත් විය. මාලිංග 6* නොදැවුණු ක්‍රීඩකයා වෙයි.
දකුණු අප්‍රිකාව පන්දු යැවීම
ඉම්රාන් තහීර් 50/3 (පන්දුවාර 7)
ඩේල් ස්ටේන් 38/2 (පන්දුවාර 7.3)
වර්නන් පිලෙන්ඩර් 40/1 (පන්දුවාර 8)
මෝනි මෝකල් 39/2 (පන්දුවාර 7)
රයන් මැක්ලර්න්ම් 33/2 (පන්දුවාර 6)
----------------------------------------------------------------------------------------------
5.19 P.M ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටි කුමාර් සංගක්කාර (88) දැවා ගැනීමට රයන් මැක්ලර්න් සමත්විය. ඒ රයන් මැක්ලර්න් යොමුකළ තරගයේ 38 වැනි පන්දුවාරයේදීය. එම පන්දුවාරයේ පළවෙනි පන්දුවේදී තිරිමාන්න (15) දවාගැනීමටත් ඔහු සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේදී කඩුලු 7ට ලකුණු 222ක් රැස් කරගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 83ක් අවශ්‍යව තිබේ.
------------------------------------------------------------------------------------------------------
4.19 P.M ලකුණු 305ක ඉලක්කයකට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 25ක් අවසානයේදී කඩුලු 4කට ලකුණු 140ක් රැස්කරගෙ සිටියි. මහේල ජයවර්ධන (16) හා අශාන් ප්‍රියන්ජන් (5) ලකුණු 16ක් තුළදී දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 165ක් අවශ්‍යව තිබේ.
කුමාර් සංගක්කාර 44*, ඇන්ජලෝ මැතිව්ස් 1* නොදැවී පිටියේ රැදී සිටිති.
-------------------------------------------------------------------------------------------
3.49 P.M පන්දුවාර 20ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 117 රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දු 180කදී ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක් අවශ්‍යව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් (40) මුලු ලකුණු සංඛ්‍යාව 98දී දැවී ගියේය. කුමාර් සංගක්කාර 31* මහේල ජයවර්ධන 8* නොදැවී පිටියේ රැදී සිටිති.
----------------------------------------------------------------------------------------------
3.05 P.M. පන්දුවාර 10ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 59ක් රැස්කර ගෙන සිටියි. වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි කුසල් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලෙන්ඩර් සමත්විය. කුසල් ලකුණු 34ක් රැස්කරනු ලැබීය.
නොදැවී පන්දුවට පහර දෙන කුමාර් සංගක්කාර 6*, තිලකරන්ත ඩිල්ෂාන් 26*
----------------------------------------------------------------------------------------------
2.36 P.M. ලකුණු 305ක දැවැන්ත ඉලක්කයක් හඹායමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 25ක් රැස් කරගෙන සිටියි. කුසල් පෙරේරා 21* ඩිල්ෂාන් 3* නොදැවී කඩුල්ලේ රැදී සිටිති.
--------------------------------------------------------------------------------------------
1.29 P.M. අවසන් පන්දුවාර කිහිපයේදී ඩේවිඩ් මිලර් හා රයන් මැක්ලරන්ගේ ප්රවේගකිරී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණඩායමට ලකුණු 305ක ඉලක්කයක් ලබාදීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. මැක්ලරන්ස් 22* හා මිලර් 36* අවසන් පන්දු 33කදී ලකුණු 55ක් රැස් කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම
අජන්ත මෙන්ඩිස් 61/3 (පන්දුවාර 10)
සචිත්ර සේනනායක 49/1 (පන්දුවාර 10)
ඇන්ජලෝ මැතිව්ස් 30/1 (පන්දුවාර 6)
---------------------------------------------------------------------------------------------------
1.16 P.M. මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 47ක් අවසානයේදී ලකුණු 261ක් රැස් කරගෙන සිටියි. ඒ සඳහා ඔවුන්ක කඩුලු 5ක් වැයකර තිබේ. 41.5 පන්දුවේදී අම්ලා (107) දවා ගැනීමට අජන්ත මෙන්ඩිස් සමත්විය. ඉන් අනතුරුව දුමිනි (16) දවා ගැනීමට සේනානායක සමත්විය.
-------------------------------------------------------------------------------------------------
12.44 P.M. සිය එක්දින ක්‍රිකට් දිවියේ 13වැනි ශතකය වාර්තා කිරීමට හෂීම් අම්ලා දැන් සමත්විය. ඔහු ශතකය වාර්තා කළේ පන්දු 118කදීය. නායක ඒ.බී. ඩිවිලියස් ලකුණු 75කට දවා ගැනීමට අජන්ත මෙන්ඩිස් සමත්විය. ඒ මුලු ලකුණු සංඛ්‍යාව 211ක් වන විටය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී කඩුලු 3ට ලකුණු 226ක් රැස්කරගෙන සිටියි.
----------------------------------------------------------------------------------------------------
12.06 P.M. පන්දුවාර 30ක් අවසානයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 163ක් රැස් කරගෙන සිටියි. අම්ලා 76*, ඩිවිලියස් 47* පිටියේ රැදී සිටිති. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල් දෙක ලකුණු 61ක් තුළදී බිඳවැටුණි.
---------------------------------------------------------------------------------------------------------
10.54 A.M. දකුණු අප්‍රිකාණු කණඩායමේ පළමු කඩුල්ල ලෙස කොක් පිටියෙන් ඉවත් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ ඇන්ජලෝ මැතිව්ස් යොමුකළ දෙවැනි පන්දුවාරයෙදී හා තරගයේ 12.5 පන්දුවේදී පිටඉන්නෙන් මදක් ඈතින් ඇදී ගිය පන්දුව පිත්තේ දැවටී කඩුල්ලේ වැදීම හේතුවෙනි.
ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජැක් කාලිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට අජන්ත මෙන්ඩිස් සමත්විය. ඒ කාලිස් කඩුලු මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. තරගයේ 13.2 පන්දුවේදී කලිස් දැවී ගියේය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවර 14ක් අවසානයේදී කඩුලු 2කට ලකුණු 61ක් ලබා සිටියි. ඒ.බී ඩිවිලිසය් 1* අම්ලා 24* නොදැවී පිටියේ රැදී සිටිති.
------------------------------------------------------------------------------------------------------
10.48 A.M. මුලින්ම පන්දුවර පහරදෙන දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියි. අම්ලා 21*, කොක් 25* නොදැවී පිටියේ රැදී සිටිති.
----------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඡායාරූප ශාන්ත රත්නායක