3.26 - P.M සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙසට් තරගයේදී ශ්රී ලංකාවට ලකුණු 390ක ඉලක්කයක් ලබාදෙමින් එංගලන්තය සිය දෙවැනි ඉනිම අත්හිටවිය.
ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්තය එම ඉනිමට ලකුණු 267/8 ක් රැස්කරමින් අත්හිටවනු ලැබීය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 390ක ඉලක්කයක් හිමිවිය. අද (16දා) තරගයේ අවසන් දිනයයි.