(UPDATE) සිය ප්‍රථම ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලකට ලකුණු 140ක් රැස් කරගෙන සිටී. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා පළමු ඉනිම තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 435ක් පිටුපසින් සිටියි.
දිමුත් කරුණාරත්න 38 (පන්දු 38, 4x6)
කෞෂාල් සිල්වා 62 (පන්දු 141, 4x10)
කුමාර් සංගක්කාර 32 (පන්දු 61, 4x4)
ක්‍රිස් ජොඩාන් 26/1 (පන්දුවාර 10)
---------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9කට ලකුණු 575ක් රැස්කර සිය ඉනිම අත්හිටවිය. ජෝ රූට් ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට සමත්විය.
මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7ක් අවසානයේදී කිසිවෙක් නොදැවී ලකුණු 35ක් රැස්කරගෙන සිටියි.
-------------------------------------------------------------------------------------------------------------
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට පන්දුවාර 106ත් අවසානයේදී කඩුලු 7කට ලකුණු 434ක් රැස් කරගෙන සිටියි. නොදැවි පන්දුවට පහර දෙන ජෝ රූට් 134ක් හා ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.
අද තරගයේ දෙවැනි දිනය වන අතර ඊයේ එංගලන්තය ඉනිම නිමා කළේ කඩුලු 5කට ලකුණු 344ක් රැස්කරගෙන සිටියදීය. අද දිනයේදී බිඳ වැටුණු කඩුලු දෙකම ශමින්ද එරංග ලබා ගත්තේය.