9.45 P.M තීරණාත්මක දෙවැනි තරගයෙන් ලකුණු 87ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. අවසන් කඩුල්ල ලෙස ස්ටේන් දැවී ගියේය.
DW Steyn lbw b Mendis 23 (35b 4x4 0x6) SR: 65.71
දකුණු අප්‍රිකාව 180/10 (පන්දුවාර 38.1)
9.37 P.M. සිය 14වැනි එක්දින ශතකය වාර්තා කළ හෂීම් අම්ලා ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. දකුණු අප්‍රිකාව පන්දුවාර 37.2 අවසානයේදී ලකුණු 180ක් රැස්කරගෙන සිටියි. එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී මෝනි මෝකල් දවාගැනිමටත් මාලිංග සමත්විය.
M Morkel b Malinga 0 (2b 0x4 0x6) SR: 0.00
HM Amla c Senanayake b Malinga 101 (102b 11x4 0x6) SR: 99.01
9.30 P.M. සිය එක්දින දිවියේ 14වැනි ශතකය වාර්තා කිරීමට හෂීම් අම්ලා දන් සමත්විය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේදී ලකුණු 168 රැස්කරගෙන සිටියි. ජයග්‍රහණය සඳහා ඔවුන්ට පන්දුවාර 14 තවත් ලකුණු 100 අවශ්‍ය වෙයි.අම්ලා 100* ස්ටේන් 15* පිටියේ රැදී සිටිති. තරගාවලියේදි අම්ලා පිටපිටම වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.
8.50 P.M. දකුණු අප්‍රිකානු ඉනිමේ හත්වැනි කඩුල්ල ලෙස වර්නන් ෆිලැන්ඩර් පිටියෙන් ඉවත් කිරිමට තිලකරත්න ඩිල්ෂාන් සමත්විය. දකණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 28ක් අවසානයෙදී ලකුණු 127ක් රැස්කරගෙන සිටියි. අම්ලා 82* නොදැවී පිටියේ රැදී සිටියි.
VD Philander c †Sangakkara b Dilshan 1 (5b 0x4 0x6) SR: 20.00
8.45 P.M. පන්දුවාර 27ක් අවසානයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 124ක් රැස්කරගෙන සිටියි. දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත්ව ඇති හෂීම් අම්ලා ලකුණු 81* වාර්තා කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියි. දකුණු අප්‍රිකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් පන්දුවාර 23කදී තවත් ලකණු 144ක් අවශ්‍යව තිබේ. අම්ලා සමගින් වර්නන් ෆිලැන්ඩර් නොදැවී පිටියේ රැදී සිටියි.
AB de Villiers c sub (NLTC Perera) b Dilshan 29 (41b 3x4 0x6) SR: 70.73
JP Duminy c †Sangakkara b Mendis 1 (4b 0x4 0x6) SR: 25.00
DA Miller c Senanayake b Dilshan 4 (8b 1x4 0x6) SR: 50.00
R McLaren c Kulasekara b Senanayake 3 (17b 0x4 0x6) SR: 17.64
7.33 P.M. ලකුණු 268ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස කාලිස් පිටියෙන් ඉවත් කිරීමට මාලිංග සමත් විය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 35ක් රැස්කරගෙන සිටියි. අම්ලා 25*, ඩිවිලියස් 4* නොදැවී පිටියේ රැදී සිටිති.
JH Kallis c †Sangakkara b Malinga 1 (7b 0x4 0x6) SR: 14.28
7.10 P.M. දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කොක් පිටියෙන් ඉවත්කිරීමට ලසිත් මාලිංග සමත්විය. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 12 ක් රැස්කරගෙන සිටියි. අම්ලා 6* , කාලිස්1* පිටියේ රැදී සිටියි.
Q de Kock b Malinga 4 (6b 1x4 0x6) SR: 66.66
ශ්‍රී ලංකා ඉනිම
6.30 P.M. පන්දුවාර 49.2ක් අවසානයේදී සියල්ලන්ම දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 267ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 268 ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ බිඳ වැටුණි.
SL Malinga c Morkel b Philander 0 (2b 0x4 0x6) SR: 0.00
BAW Mendis c †de Kock b McLaren 2 (6b 0x4 0x6) SR: 33.33
6.16 P.M. තරගය නැවතත් ආරම්භවිය.
6.06 P.M. පල්ලේකැලේ පිටියට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය තාවකාලිකවට නවත්වා තිබේ.
5.59 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අවසන් කිරීමට මැක්ලරන් සමත්විය. ඔහු ලකුණු 34ට දැවී ගියේය. එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී නුවන් කුලසේකර ලකුණු නොලබා පිටියෙන් ඉවත්කිරීමටත්, අශාන් ප්‍රියන්ජන් දවාගැනීමටත් මැක්ලරන් සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් අවසානයේදී කඩුලු 8ට ලකුණු 257ක් රැස්කරගෙන සිටියි.
SMA Priyanjan c Duminy b McLaren 25 (15b 2x4 1x6) SR: 166.66
KMDN Kulasekara c de Villiers b McLaren 0 (4b 0x4 0x6) SR: 0.00
AD Mathews c †de Kock b McLaren 34 (38b 1x4 1x6) SR: 89.47
5.45 P.M. ලකුණු 48ක් ලබාගෙන සිටි මහේල ජයවර්ධන පිටියෙන් ඉවත්කිරීමට ඉම්රාන් තාහිර් සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේදී කඩුලු 5ට ලකුණු 228ක් රැස්කරගෙන සිටියි. ඇන්ජලෝ මැතිව්ස් 30*, අශාන් ප්‍රියන්ජන් 3* නොදැවී පිටියේ රැදී සිටිති.
DPMD Jayawardene b Imran Tahir 48 (70b 1x4 0x6) SR: 68.57
5.30 P.M. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේදී කඩුලු 4ට ලකුණු 207ක් රැස්කරගෙන සිටියි. නොදැවී පිටියේ රැදී සිටින මහේල ජයවර්ධන 37*, ඇන්ජලෝ මැතිව්ස් 24* නොදැවී පිටියේ රැදී සිටියි.
4.49 P.M. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්ව සිටි ඩිල්ෂාන් ශතකය ආසන්නයේදී දැවී ගියේය. පල්ලෙකැළේ පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින ඩිල්ෂාන් අවසන්වරට ක්‍රීඩාකළ තරගයේදීද ශතකයක් වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31ක් අවසානයේදී ලකුණු 155 ක් රැස්කර ගෙන සිටියි. මහේල ජයවර්ධන 13* ඇන්ජලෝ මැතිව්ස් 1* පිටියේ රැදී සිටියි.
HDRL Thirimanne c Amla b Imran Tahir 36 (49b 4x4 0x6) SR: 73.46
4.04 P.M. පන්දුවාර 20ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 109ක් රැස්කරගෙන සිටියි. ඩිල්ෂාන් 67* තිරිමන්න 24* නොදැවී පිටියේ රැදී සිටිති.
3.38 P.M. හුදෙකළා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින තිලකරත්න ඩිල්ෂාන් මීට සුළු මොහොතකට පෙර සිය එක්දින දිවියේ 37 වැනි අර්ධ ශතකය වාර්තා කරනු ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 84ක් රැස්කරගෙන සිටියි. ඩිල්ෂාන් 57* තිරිමාන්න 12*
3.13 P.M. මෝර්නි මොකල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුයින්ටන් ඩි කොක් වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් කුමාර් සංගක්කාර දැවී ගියේය. පන්දුවාර 9ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 63ක් රැස් කරගෙන සිටියි. ඩිල්ෂාන් 48* ළහිරු තිරිමාන්න 0*
KC Sangakkara c †de Kock b Morkel 7 (9b 1x4 0x6) SR: 77.77
3.10 P.M. මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8 ක් අවසානයෙදී එක් කඩුල්ලකට ලකුණු 58ක් රැස්කරගෙන සිටියි. නොදැවී පිටියේ රැදී සිටින තිලකරත්න ඩිල්ෂාන් 43* සංගක්කාර 7*.
MDKJ Perera c Amla b Philander 7 (9b 1x4 0x6) SR: 77.77
2.18 P.M. පල්ලේකැලේ පිටියේ පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දීමට තිරණය කළේය. පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකම දෙවැනි තරගයටත් එක්ව තිබේ.
ඡායාරූප ශාන්ත රත්නායක