IPL කිරුළ CSK දිනයි
- 28 05 2018
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2018 ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් සමන්විත චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඊයේ (27දා) මුම්බායිහි පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කිරීමට සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 6ට ලකුණු 178ක් රැස්කළේය. ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ෂේන් වොට්සන් පන්දු 57කදී නොදැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





