ඉන්දීය ප්‍රිමියර් ලීග තරගවලයේ තරග පාවා දීමේ චෝදනා ගොනුව ඇති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතා ඒ සඳහා සම්බන්ධ නැති බවට තහවුරු වී තිබේ.
2013 වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී ඔට්ටු තැබීම හා තරග පාවාදීම් සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිද වන ශ්‍රීනිවාසන්ට චෝදනා ගොනුව තිබිණ.
නමුත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ජූරි සභා වාර්තාවෙන් එම චෝදනාවෙන් ශ්‍රීනිවසන් නිදහස් කර තිබේ.