අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පන්දු යවන ක්‍රීඩකයන් පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා සාක්ෂිවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් පවතින බව බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ජැකලීන් ඇල්ඩර්සන් පවසයි.
එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ විනිවිදභාවයකින් තොර බවද ඇය පෙන්වා දෙයි.
මේ පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ තවත් විශේෂඥයන් කිහිපදෙනෙකුම මත පළකර තිබෙන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි.
තවද පන්දු යවන්නන්ගේ ඉරියව් පිළිබඳව මැනීම සඳහා ශරීරයේ සලකුණු කරන ස්ථානවල ගැටලුකාරී තත්ත්වයක් පවතින බවද මෙම විශේෂඥයෝ පෙන්වා දෙති.