සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග 02 සඳහා සත්කාරක සිම්බාබ්වේ සංචිතය ඊයේ (26දා) නම් කරනු ලැබීය. 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් වේගපන්දු යවන්නන් වන ටෙන්ඩායි චටාරා හා ටිනාෂේ පනියන්ගාරා ශරීරික යෝග්‍යතා පරීක්ෂණයක් අසමත් වීම නිසා ඉවත්කර ඇති අතර, නායකත්වය ග්රැහැම් ක්‍රීමර්ට පවරා ඇත.
එමෙන්ම වසර 05කට පසු සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයේ ස්ථානයක් වෙන් කරගැනීමට ක්‍රිස් මොෆු සමත්ව තිබේ. මෙහිදී නවක ක්‍රීඩකයන් ලෙස වේගපන්දු ක්‍රීඩක කාර්ල් මුම්බා හා පිතිකරුවෙකු ලෙස ටරිසායි මුසාකන්ඩා සංචිතයට එක්කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක වුසී සිබන්ඩාට සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, පාකිස්තානු 'ඒ' කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණි මැල්කම් වොලර්වද සංචිතයට එක්කර තිබේ.
සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය - ග්රැහැම් ක්‍රීමර් (නායක), ටිනෝ මාවොයෝ, හැමිල්ටන් මසකඩ්සා, ක්‍රේග් අර්වින්, ශෝන් විලියම්ස්, රෙජිස් චකාබ්වා, පීටර් මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ක්‍රිස් මොෆු, ටවුරායි මුසරාබනි, මයිකල් චිනෝයා, බ්‍රයන් චාරි, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, කාල් මුම්බා, ටරිසායි මුසාකන්ඩා