ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු අභ්‍යන්තර තොරතුරු හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් නොදන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පිළිබඳව අදහස් දක්වමින් මැතිව්ස් මෙම අදහස් ප්‍රකාශ කළේය.
“තමන්ගේ ප්‍රතිවාදීන් පිළිබඳව ඕනෑම කණ්ඩායමක් ටිකක් දන්නවා. ඉතින් මම හිතන්නෙ නෑ ඔහු හැම අභ්‍යන්තර තොරතුරක්ම දන්නවා කියලා” යැයි මැතිව්ස් සඳහන් කරයි.
කෙසේ නමුත් ෆාබ්‍රේස්ගේ තීරණය පිළිබඳව ඔහුට සුබ පතන බවද මැතිව්ස් සඳහන් කළේය. වර්තමානයේ සෑම ක්‍රීඩකයෙකු පිළිබඳවම ඕනෑ තරම් වීඩියෝ දර්ශන පවතින බවත්, එහෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රහස් නොමැති බවත් මැතිව්ස් පැවසීය.