දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්රීඩා උලෙළෙ ක්රිකට් පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත්විය.
මෙම තරගයේ ශ්රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 11 ක් අවසානයේ ලකුණු 59/3 ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය.
ඉන් අනතුරුව තරගය නැවත පැවැත්වීමට තරම් ක්රීඩාංගණය සුදුසු තත්ත්වයකට නොතිබීම හේතුවෙන් කාසියේ වාසිය මගින් ජයග්රාහකයන් තෝරාගැනීමට තරග තීරකවරයා තීරණය කළේය. එහිදී ශ්රී ලංකා නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ජයග්රහණය කර අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගයට පෙර ඇෆ්ගනිස්තානය හා හොංකොං අතර පැවැති අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට ඇෆ්ගනිස්තානය සමත්විය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමගින් රන් පදක්කම වෙනුවෙන්ද, බංග්ලාදේශ කණ්ඩායම හොංකොං සමගින් ලෝකඩ පදක්කම වෙනුවෙන්ද හෙට (03දා) තරග වැදීමට නියමිතය.