අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින පිතිකරණ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ළහිරු තිරිමාන්න ස්ථාන 29 ක් අබිබවමින් 39 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔහු ශ්‍රේණිගත කිරීම්වල මෙතරම් ඉදිරියට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
තිරිමාන්න නිමාව දුටු ආසියානු කුසලාන එක්දින තරගාවලියේ, තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කරගනිමින් ශතක දෙකක් සමගින් සමස්ත තරගාවලිය තුල ලකුණු 279 ක් රැස්කිරීමට සමත්විය.
ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස් 28 වැනි ස්ථානයේ පසු වන අතර, ඔහු ස්ථාන 4 ක් ඉදිරියට පැමිණ ඇත.
කෙසේ නමුත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය නැවත වරක් තහවුරු කර ගැනීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්විය. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ශතකයක් සමගින් තරග තුන තුළදී ලකුණු 189 ක් රැස්කිරීමට කෝලි සමත්වීම හේතුවෙනි.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්වූ ලසිත් මාලිංග නවතම වර්ගීකරණයට අනුව 22 වැනි ස්ථානයේ පසුවන අතර, ඔහු ස්ථාන 11 ක් ඉදිරියට පැමිණ ඇත. ඔහුට අමතරව සචිත්ර සේනානායක ස්ථාන 03 ක් අබිබවා 34 වැනි ස්ථානයේද, අජන්ත මෙන්ඩිස් ස්ථාන 05 ක් අබිබවා 41 වැනි ස්ථානයේද පසුවෙති. කෙසේනමුත් රංගන හේරත් දසවැනි ස්ථානයේ රැඳී සිටිනවා හැරෙන්නට, කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු මුල් ස්ථාන දහය ඇතුලත නොමැත. සයීඩ් අජ්මාල් (පාකිස්තානය), ඩේල් ස්ටෙයින් (දකුණු අප්‍රිකාව) සහ සුනිල් නාරින් (බ.ඉ.කොදෙව්) පිළිවෙළින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙති.
පළමු පිතිකරුවන් දසදෙනා
1 . විරාට් කෝලි (ඉන්දියාව)
2. ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව)
3. ජෝර්ජ් බේලි (ඔස්ට්‍රේලියාව)
4. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව)
5. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)
6. මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)
7. ජොනතන් ට්‍රොට් (එංගලන්තය)
8. ශිකර් දවාන් (ඉන්දියාව)
9. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව)
10. මිල්බා උල් හක් (පාකිස්තානය)