දකුණතින් මද වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට හදිසියේම කැඳවා ඇත. ඒ ආබාධයට ලක්ව සිටින ශමින්ද එරංගගේ අඩුව පුරවාලීමටය.
ඔහු කැඳවා ඇත්තේ එංගලන්තයේ පළමුපෙළ තරගාවගියකට සහභාගී වෙමින් සිටි අතරතුරදීය.
හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන 26 හැවැරිදි ළහිරු පළමු පෙළ තරග 43කදී කඩුලු 93 ක් දවාගෙන ඇති අතර 33.58 ක පන්දු යැවීමේ සාමාන්‍යයක් පවත්වාගෙන යයි.
ඔහු තවමත් එක් ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත.
ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි