සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර හෙට (31දා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නිලධාරීන් අතර කැරලි මර්දන කණ්ඩායම්ද සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ප්‍රේක්ෂකයින් පිරිසක් විරෝධය දක්වමින් ක්‍රීඩාංගණය වෙත බෝතල් ප්‍රහාර එල්ල කර නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර, එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට මෙම තීරණය ගත් බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.