හිටපු ක්රිකට් ක්රීඩකයෙකු මෙන්ම ශ්රී ලංකා ක්රිකට් ආයතයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ ශ්රීනාත් සිල්වා මහතා අභාවප්රාප්තවී තිබේ.
මියයන විට 66 වැනි වියේ පසු වූ ඒ මහතාඊයේ (30දා) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්තවිය.
කැටමැරන් ක්රීඩා සමාජයේ සභාපතිවරයා මෙන්ම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය.
මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්රිකට් ක්රීඩාවට අත්පොත් තැබූ ශ්රීනාත් මහතා මොරටුව, කෝල්ට්ස් හා සැරසන් ක්රීඩා සමාජ වෙනුවෙන් ක්රීඩාකර තිබේ.
ඒ මහතාගේ දේහය 36/39, නව ගාලුපාර, මොරටුව යන ලිපිනයේ තැන්පත්කර ඇති අවසන් කටයුතු හෙට (02දා) මොරටුමුල්ල මෙතෝදිස්ත කනත්තේදී සිදුකිරීමට නියමිතය.
.