එංගලන්තයේ හැරී කුමරු එළඹෙන වර්ෂයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත රග්බි ලෝක කුසලානයට වසරක කාලයක් තිබියදී මේ දිනවල විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වල නිතර වේ. එහි එක් පියවරක් ලෙස ඔහු එරට හිටපු සුපිරි රග්බි තරුවක් වන ජොනී විල්කින්සන් සමගින් පෙනී සිටින ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය එළිදක්වා ඇත.
එහි දැක්වෙන්නේ විල්කින්සන් රග්බි පන්දුවට දඬුවම් පහරක් (Penalty) එල්ල කරනතුරු හැරී කුමරු එය අල්ලා ගෙන සිටින ආකාරයයි.
රග්බි ලෝලියෙකුවූ හැරී කුමරු තමන්ගේ විනෝදාංශයක් ලෙසද රග්බි ක්‍රීඩාවේ නිතර වන අතර, පසුගියදා ඔහු ආබාධිත ක්‍රීඩකයන් සඳහා ගෙන්වූ රෝදපුටු රග්බි තරගයට (wheel chair rugby) එක්වී සිටියේ එංගලන්ත තවත් රග්බි තරුවක් වූ මයික් මින්ඩෝල් සමගිනි. එළඹෙන වර්ෂයේ රග්බි ලෝක කුසලානය 2015 සැප්තැම්බර් (18දා) ආරම්භ වීමට නියමිතය.