ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 22 වන බදාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවී ඇති බවට සඳහන් කළ හැකි ජයග්‍රහණයක් ලබාගෙන අදට හරියටම වසර 21ක් සම්පූර්ණ වෙයි. ඒ 1996 ලෝක කුසලානය හිමිකරගත්තේ මිට අවුරුදු 21ට කලින් හරියටම අද (මාර්තු 17) වගේ දිනක් වන හෙයිනි. 1996 වසරේ මාර්තු 17 දා පාකිස්තානයේ ලාහෝර් නුව පැවැති විල්ස් ලෝක කුසලානයේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් එක්දින ලෝක කුසලානය ජයගනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ ස්වර්ණමය අවස්ථාව ලෙසින් සැලකෙන මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුමද වෙයි. ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 21ක් පිරෙන අවස්ථාවේදී එදා එම කණ්ඩායම නියෝජනය කළ කිහිප දෙනෙකුම දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා නැවත වරක් එක්ව තිබේ.
තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිය, අවසන් තරගයේ වීරයා වූ අරවින්දද සිල්වා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකි. කණ්ඩායමේ අංක තුන පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුය. ආරම්භක පිතිකරු රොමේෂ් කලුවිතාරණ තේරීම් කමිටු සාමාජිකයෙකි. කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කළ චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඇඟිලි සටහන් නොමැතිව සෞඛ්‍ය සේවකයන්ට 2024දී රු. කෝටි 3971ක අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd