රුපියල් මිලියන 300ක වියදමකින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කරනු ලැබූ නව ධාවන පථය ඉවත්කරන්න යැයි ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය නිර්දේශ කර ඇති බවත්, නවීකරණය කිරීමක් සිදුනොකර ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර තරගාවලි පැවැත්විය නොහැකි බවත්, එමනිසා ධාවන පථය නැවත සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට සිදුවී ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
එම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සඳහා මෙම ධාවන පථය කිසිසේත් සුදුසු නොවන බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම්කර ඇති ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් මෙම වත්මන් ධාවන පථය ඉවත්කර නව ධාවන පථයක් සැදීමට රජයේ අවධානය යොමුව ඇති බවත් සමරසිංහ මහතා අනාවරණය කළේය. කොළඹ නිපෝන් හෝටයේ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.