අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික, අධ්‍යාපන හා ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් පැවැත්වෙන 30 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සිවුවැනි දිනය වූ අද (06දා) දිනයේදී නව තරග වාර්තා දෙකක් බිහි විය.
මෙහි එක් වාර්තාවක් මීගමුව මාරිස්ටෙලා විදුහලේ වයස 17 පහළ සහාය දිවීමේ බාලක කණ්ඩායම විසින් පිහිටවූ අතර, ඒ සඳහා ඔවුහු විනාඩි 3.29.0 ක කාලයක් ගත කළහ. මීට පෙර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (විනාඩි 3.29.3) මෙම වාර්තාව පිහිටුවා තිබුණි.
අනෙක් වාර්තාව මීටර 15 පහළ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අම්පාර වරන්කඩගොඩ මහා විදුහලේ ඊ.එන්. අවිචිත්ය විසින් පිහිටුවනු ලැබීය. ඒ සඳහා ඔහු තත්. 51.45 ක කාලයක් ගත කළේය. ඔහු විසින් බිඳහෙළණු ලැබුවේ පසුගිය වසරේදී කැලණිය ගුරුකුල විදුහලේ ඊ.එම්. සුපුන් නිම්සර (තත්. 51.86) විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.
එම වාර්තා දෙකත් සමගින් මේ වනවිට නව තරග වාර්තා 12 ක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත. අද දිනයේදී අවසන් වටයේ තරග ඉසව් රැසක් පැවැති අතර, එහි වයස 17 පහළ මීටර 1500 බාලිකා ඉසව්වේ ප්‍රථම ස්ථානය වලල ඒ රත්නායක මහා විදුහලේ බී.එම්.අයි.එන්.කේ. බස්නායක (වි. 4.50.53) විසින්ද, එහි බාලක ඉසව්වේ ප්‍රථම ස්ථානය හීල්ඔය ශ්‍රී සුමංගල මහා විදුහලේ පී.ඩී. ලසන්ත (වි. 4.13.29) විසින්ද හිමිකරගනු ලැබූහ. හෙට (07දා) ක්‍රීඩා උලෙළේ අවසන් දිනයයි.