සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර සිම්බාබ්වේ හරාරේ ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (30දා) නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 537ක දැවැන්ත ඉනිමට පිළිතුරු ඉනිම ක්රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලකට 88ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ඔවුන් තවත් ලකුණු 449ක් පසුපසින් සිටිති. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිම් ක්රීඩා කරමිල් උපුල් තරංග හා කුසල් පෙරේරා ශතක වාර්තා කළ අතර දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා හා අසේල ගුණරත්න අර්ධ ශතක වාර්තා කළහ.