ඉන්දීය සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සාගේ ස්වයං චරිතාපදානය 'Ace against odds' නමින් පසුගියදා (14දා) මුම්බායේදී එළි දැක්විණ.මිර්සාගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීම සිදුවූයේ ඉන්දීය බොලිවුඩ් නළු 2016 රියෝ ඔලිම්පික් උලෙළේ ඉන්දීය කීර්තිනාම තානාපති (Goodwill Ambassador) ලෙස කටයුතු කරන සල්මාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාවට ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍ර‘යේ විවිධ පුද්ගලයන්, සුපිරි ක්‍රීඩා තරු මෙන්ම බොලිවුඩ් නළු නිළියෝද සහභාගි වූහ.
මෙම චරිතාපදානයේදී මිර්සා, සිය ඉන්දීය ඔලිම්පික් ටෙනිස් සහකාරිය වන ප්‍රාර්තනා තොම්බ්රේ පිළිබඳවද සුවිශේෂි සටහනක් තබා ඇත. එමෙන්ම එම අවස්ථාවේදී සානියා පවසා ඇත්තේ, මීට වසර 19කට පෙර ඉන්දීය කාන්තාවන් ක්‍රීඩාවට යොමුවීම අවම තත්ත්වයක පැවතියත් අද වනවිට එය ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බවයි. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස ලෝ ප්‍රකට බොක්සිං ක්‍රීඩිකාවක් වන මේරිකොම්, බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන සයිනා නෙහ්වාල් හා පී.වී. සින්දු නම්කර තිබේ.
මිර්සාගේ චරිතාපදානය එළිදක්වමින් බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබුණේ,"මෙය අලුත් දෙයක් වගේම වෙනස් දෙයක්. මිනිසුන් දන්නේ නැහැ ඇයගේ අවුරුදු 29 ක ජීවිතකාලය තුළ ඇය ළඟා කරගත් ජයග්‍රහණ. මම හිතන්නේ, ඒ පිළිබඳව ඇයට බොහෝ දෑ පැවසීමට ඇති. ඒ වගේම මෙම චරිතාපදානය එළිදැක්වීමට ගත් තීරණය ප්‍රඥාවන්ත හා සංවේදී තීරණයක්" යනුවෙනි.
මෙම චරිතාපදානය එළිදැක්වීමට එක්ව සිටි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, සානියා මිර්සාගේ ජීවිතය කතාව ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහස් කරන බවද පවසා ඇත.
සානියා ඇයගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීමට පෙර ටෙනිස් විශිෂ්ටයෙකු වන ඇන්ඩ්‍රෙ ඇගසිගේ 'ඕපන්' (Open) නම් චරිතාපදානය හා විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙකු වන මයික් ටයිසන්ගේ චරිතාපදානයද කියවා තිබේ. සානියාගේ එස් අගේන්ස්ට් ඔඩ්ස් චරිතාපදානයේදී ඇයගේ වීරවරිය ලෙස සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ස්ටෙෆි ග්‍රාෆ් හඳුන්වා දී තිබේ.