ක්‍රීඩකයන්ට නිවැරදි මාර්ගයේ රැගෙන යා යුතු වගකීම අමාත්යවරුට අයත් නොවන අතර, එය නිලධාරීන්ට අයත් කටයුත්තක් බවත් නිලධාරීන් නිවැරදි දේ කළොත් ක්‍රීඩාව මීට වඩා දියුණු කිරීමට අවස්ථාව තිබෙන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17දා) වරාය හා නාවික අමාත්‍යාංශයේ පැවැති සාග් ක්‍රීඩා උලෙළේදී පදක්කම් දිනූ වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයකදීය.
මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී පිරිමි හා කාන්තා කණ්ඩායම් වොලිබොල් රිදී පදක්කම් දිනාගත් අතර, එම කණ්ඩායම් නියෝජනය කළ වරාය අධිකාරියේ ජනිත සුරත්, නිලංක සංජය හා වාසනා මධුමාලි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු.40,000 ක මුදල් ත්‍යාග, කුසලාන හා සහතික පත් අමාත්‍යවරයා විසින් ප්රදානය කරන ලද අතර, ඔවුන්ගේ සේවය උසස් කිරීමේ පත්වීම ලිපි ප්රදානයක්ද සිදුකෙරිණි.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව සාග් ක්‍රීඩා උලෙළට සහභාගි වූ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහාය පුහුණුකරු කාලිංග වසන්තප්රිය මහතාටද උපහාර පුද කළ අතර, එහිදී ඔහුට රු.40,000 ක මුදල් ත්‍යාගයක් හා සේවා දීර්ඝ කිරීමේ ලිපි ප්රදානයක්ද සිදුකෙරිණි.
24 වැනි වතාවට ජාතික බිලියඩ් ශූරතාව දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කේ.එච්. සිරිසෝම මහතාද ඇගයීමට ලක්වුණු අතර, ඔහුට රු.75,000 ක මුදල් ත්‍යාගයක් හා සේවා දීර්ඝ කිරීමේ ලිපියක්ද ප්රදානය කෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ස්ථිර ක්‍රීඩා ඒකකයක් පිහිටුවීමට කටයුතු ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රීඩාවෙන් වරාය අධිකාරිය උසස් දස්කම් ප්‍රකට කරවන තත්ත්වයකට පත්කරන බවද පැවසීය. මෙම උපහාර පුදකිරීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, වැඩබලන සභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
බිලියඩ් ශූර සිරිසෝමට උපදේශක තනතුරක්
ජාතික බිලියඩ් ශූර කේ.එච්. සිරිසෝම මහතාගේ මූලිකත්වයෙන් බිලියඩ් ක්‍රීඩාව ගමට ගෙනයාමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.
ක්‍රීඩාව ගමට ගෙයාම සංකල්පය පදනම් කරගනිමින් අමාත්‍යවරයාගේ උපදේශක තනතුරක් සිරිසෝම මහතාට ලබාදී එම ක්‍රීඩාවෙන්ද දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණ්සිංහ