ස්මිත් හා මාෂ් ශතක ලබති
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 355ට පිළිතුර ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් හා ෂොන් මාෂ් ශතක රැස්කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදීමට සමත්වූහ. මෙහිදී ස්මිත් වාර්තා කළේ සිය 15වැනි ටෙස්ට් ශතකය වෙන තර මාෂ් වාර්තා කළේ සිය සිවුවැනි ටෙස්ට් ශතකයයි.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මේ වන විට පන්දුවාර 69කදී ලකුණු 229ක් රැස්කරගෙන තිබෙන්නේ එක් කඩුල්ලක් වැය කරමිනි. මාෂ් හා ස්මිත් දෙවැනි කඩුල්ලට මේ දක්වා නොදැවී ලකුණු 208ක සබඳතාවක් පවත්වාගෙන තිබේ.
ස්මිත් මෙම ඉනිමේදී සිය ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කිරීමට සමත්වූ අතර ටෙස්ට් ලකුණු 4000 සීමාව අඩුම වයසකින් සම්පූර්ණ කළ ඔස්හාට්රේලියිනු පිතිකරු ලෙසත් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 4000ට ගිය සිවුවැනි ඔස්ට්‍රේලියානු පිතිකරු ලෙසත් ස්මිත් එහිදී වාර්තා අතරට එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

