(VIDEO) කෙතරම් ගහ මරා ගත්තත් සහෝදරයෙකුට හෝ සහෝදරියකට ගැටලුවක ඇති වූ විට ඔහු හෝ ඇය වෙනුවෙන් සහෝදරයා හෝ සහෝදරිය ඉදිරියට පැමිණෙයි. එයට සහෝදර බැදීම යැයි පවසන අතර ලෝකයේ තිබෙන බැදීම් අතරින් සහෝදර බැඳිම ඉහළ ස්ථානයක පවතී. තුන්ප්‍රයාම ඉසව්වෙන් දක්ෂතා දක්වන බ්‍රවුන්ලී සොහොයුරන් ලෙසින් ප්‍රසිද්ධ එංගලන්තයේ ජොනී හා ඇලෙස්ටියාර් සහෝදරයන් දෙදෙනාගේ පරාර්ථකාමී ක්‍රියාවකට පසුගිය දින කිහිපයේදී ජාත්‍යන්තර මාධ්‍ය අතර විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඒ ජොනීගේ උදව්වට ඔහුගේ සොයොයුරා වූ ඇලෙස්ටියාර් ඉදිරියට පැමිණි අවස්ථාවක් හේතුවෙනි.
මෙක්සිකෝවේ පැවැති ලෝක තුන් ප්‍රයාම තරග ඉසව්වේ සීමා ඉර නිම කිරීම සඳහා මීටර් 700ක් පමණ තිබියදී අධික උෂ්ණත්වය හේතුවෙන් ජොනීට තරගය අතරතුළදී දැනුන අපහසුතාවක් දැනුන අතර ඔහුට තවදුරටත් තරග කිරීමට හැකියාවක් නොමැතිවිය. ඒ වන විට තරගයේ පෙරමුණ ගෙන සිටීමටත් ජොනී සමත්ව සිටියේය. මේ වන විට ඔහුගේ සහෝදරයා වන ඇලෙස්ටියාර්, ජොනී සමීපයේ තරග කරමින් සිටි අතර තම සොහොයුරා වත්තම් කර ගත් ඇලෙස්ටියාර් ඔහු සීමා ඉරෙන් එපිටට රැගෙන ගියේය.
නමුත් ඇලෙස්ටියාර් සිමා ඉරෙන් ප්‍රථමයෙන්ම එපිට කරනු ලැබුවේ සිය සොහොයුරාය. ලෝක තුන් ප්‍රයාම තරගාවලිය ජය ගැනීම සඳහා ජය පෙනෙන මානයේ සිටි ජොනීට සිදුවූ ගැටලුව හේතුවෙන් ඔහුට තරගයේදී අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. තරගයේ 10 වැනි ස්ථානය ඇලෙස්ටියාර්ට හිමිවූයේය.