සනත් ජයසූරිය නායකත්වය ලබාදුන් ආසියානු XI කණ්ඩායම පරාජය කර ලකුණු පහක ජයක් ලැබීමට බ්‍රයන් ලාරා නායකත්වය ලබාදුන් ලෝක XI කණ්ඩායම සමත්විය. මෙම තරගය ඊයේ (06දා) කටාර්හි වෙස්ට් එන්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 161/6 ක් රැස්කිරීමට සමත්විය. ලාරා ලකුණු 47 ක් රැස්කරමින් ලෝක ඉනිම ගොඩනැගීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු156/7 ක් පමණක් වන අතර සනත් ජයසූරිය පන්දු 23 කදී ලකුණු 25 ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස බ්‍රයන් ලාරා සම්මාන හිමිකරගත්තේය.
ලෝක XI කණ්ඩායම 161/ 6 (පන්දුවාර 20)
බ්‍රයන් ලාරා 47 (පන්දු 44 )
ඔවයිස් ශාහ 43 (පන්දු 22)
ආකාෂ් චොප්රා කඩුලු 3
යසර් අර්ෆාත් කඩුලු 2
අබ්දුල් රසාක් කඩුලු 1
ආසියානු XI 156/ 8 (පන්දුවාර 20)
තමින් ඉක්බාල් 42 (පන්දු 31)
සනත් ජයසූරිය 25 (පන්දු 23)
ඇන්ජලෝ පෙරේරා 31 (පන්දු 24)
රයන් ටෙන් ඩෙස්චාට් කඩුලු 3
කොලි කොලිමෝ කඩුලු 2