ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු පත්කිරිම සඳහා නම් කළ 11 දෙනෙකුගෙන් යුතු කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ.
සනත්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව සඳහන් වුවත් සුදුසු පුහුණුකරුවෙකු තෝරාගැනීම සඳහා සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔහු තනතුරෙන් ඉවත්වී තිබෙන බවද වාර්තාවෙයි.