ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම දග පන්දු යවන්නෙකු වන සචිත්ර සේනානායක වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවිම නැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබේ.
ඒ එංගලන්තයේදි කරනු ලැබූ පරීක්ෂණයකදි සචිත්රගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමත් සමගිනි.
සචිත්රගේ පන්දුයැවීමේ ඉරියව්ව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේදී පරීක්ෂණය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පැවැති එක්දින තරගාවලියේදී සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග විනිසුරන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබුණා. ඒ අනුව සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය කරන ලදී.
කෙසේ වෙතත් මීට ඉහතදී සචිත්ර ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේදී කළ පරීක්ෂණයකදී ඔහු අංශක 15 රීතිය කඩ නොකරන බවට තහවුරු විය.